මිද්දෙණිය, තංගල්ල, කඳානෙන් ඇල්ලු අයිස් නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්
රටේ විවිධ ප්‍රදේශවලින් සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
එහි සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පැවසුවේ, මේ වන විට එම ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි.
පසුගියදා ඉන්දුනීසියාවේ අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළිවූ තොරතුරු මත, මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබීය.

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත
ඉන්පසු පෙරේදා (07) තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමකින් සමාන ද්‍රව්‍ය තොගයක් හමුවූ අතර, ඊයේ (08) කදාන ප්‍රදේශයේදී ද එවැනි රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබීය.
මෙම ද්‍රව්‍යවල සාම්පල දැනටමත් ලබාගෙන ඇති අතර, පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.