චිකන්ගුන්යා හඳුනාගන්න අවශ්‍ය රසායනික කට්ටල රටේ නෑ…

Report

චිකන්ගුන්යා රෝගය වේගයෙන් පැතිර යමින් පවතින නමුත්, එය නිශ්චිතව හඳුනාගැනීමට අවශ්‍ය රසායනාගාර කට්ටල මේ වන විට රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

චිකන්ගුන්යා රෝගය හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර සඳහා යොමුවීමට ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, එය රෝගය වැලඳී සතියක් පමණ ගතවූ පසු සිදුකළ යුතු බවත් වෛද්‍ය විශේෂඥවරු පවසතත්, ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකිරීමටවත් නොහැකි තත්ත්වයක් හේතුවෙන් රෝග ලක්ෂණ පරීක්ෂා කරමින් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අපි සහය දීලා - හිටපු ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අපි සහය දීලා - හිටපු ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රෝග ලක්ෂණ මත ප්‍රතිකාර කළද, ප්‍රතිදේහ පරීක්ෂණයක් නොකර නිවැරදිව රෝගීන් හඳුනාගැනීමට හැකියාවක් නොමැති බව වෛද්‍ය වෘත්තිකයෝ ගගන වෙත තහවුරු කළහ.

චිකන්ගුන්යා සහ ඩෙංගු යන රෝග දෙකම බෝවන්නේ ඊඩිස් මදුරුවාගෙන් බැවින්, මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් ඒවා විනාශ කිරීමට කටයුතු කරන ලෙසත්, ප්‍රජාව එක්ව මෙම ව්‍යසනයට විසඳුම් සෙවිය යුතු බවත් වෛද්‍යවරු වැඩිදුරටත් පවසති.

නලින්ගේ Vitz කතාවට ජනපතිගෙන් පිළිතුරු

නලින්ගේ Vitz කතාවට ජනපතිගෙන් පිළිතුරු