අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අපි සහය දීලා - හිටපු ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

By Shehan May 05, 2025 06:01 AM GMT
Report

තම රට අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහ තලේබාන් සංවිධානයට සහාය දැක්වූ බව පාකිස්ථානයේ හිටපු විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පාකිස්ථානයට එවැනි අතීතයක් ඇති බව පවසමින්, හිටපු විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ (Bilawal Bhutto), ත්‍රස්තවාදීන් සමඟ එරට තිබූ සම්බන්ධතාව ද පිළිගෙන තිබේ.

කෙසේ වුවත්, එහි අනිසි ප්‍රතිවිපාක පාකිස්ථානයට පසුකාලීනව බලපෑ බැවින්, තවදුරටත් එවැනි ක්‍රියාවන්හි නොයෙදෙන බව භූතෝ පවසා ඇත.

විදේශ චිත්‍රපටවලට ට්‍රම්ප් යෝජනා කරන සියයට 100ක බද්ද

විදේශ චිත්‍රපටවලට ට්‍රම්ප් යෝජනා කරන සියයට 100ක බද්ද

ස්කයි නිව්ස් හි යාල්ඩා හකිම් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී භූතෝ පැවසුවේ, "පාකිස්ථානයට එවැනි අතීතයක් ඇති බව රහසක් නොවේ. ඒ නිසා අපි දුක් වින්දෙමු, පාකිස්ථානය දුක් වින්දා," යනුවෙනි.

"අපි අන්තවාදී රැල්ලකින් ගැලවී එමින් සිටිනවා. නමුත් අපි විඳි දේ නිසා පාඩම් ඉගෙන ගත්තා. මෙම ගැටලුව විසඳීමට අපි අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

මිණී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

මිණී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

එහි ප්‍රතිඵලයක් ලෙස රට දුක් විඳි අතර, පසුව ප්‍රතිසංස්කරණය වූ බව පවසන බිලාවල් භූතෝ, පාකිස්ථානයේ අතීත අන්තවාදී සබඳතා පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.