ඩයපර්ස් ඇතුළු සනීපාරක්ෂක නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

Report

භාවිතයේදී දිරාපත්ව ඉරී යන බාල ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ව්‍යාපාරික ස්ථාන 05කට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව එම අධිකාරිය නිවේදනය කළේ ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර විධාන අංක 85 උල්ලංඝනය කරමින් ඩයපර්ස් අලෙවි කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ අදාළ නඩු කැඳවූ විට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් පසුව ව්‍යාපාරික ස්ථාන 05 සඳහා රුපියල් 140,000ක සමස්ත දඩයක් නියම කර තිබෙනවා.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

එසේම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් ඇසුරුම් 87කට ආසන්න සමස්ත තොගයම විනාශ කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

එබැවින් ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා භාවිත කරන ඩයපර්ස් ඇතුළු සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් ලේබල් තොරතුරු (ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු) හොඳින් පරීක්ෂා කරන ලෙස අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම යම් හෙයකින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් නිරීක්ෂණය වුවහොත්, අදාළ ඇසුරුම සහ බිල්පත සුරක්ෂිතව තබාගෙන 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස වැඩිදුරටත් එම අධිකාරිය දැනුම් දෙයි.

හෙට මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - 1න් පස්සේ වෙන දේ ගැන දිවයිනටම දන්වා නිවේදනයක්

හෙට මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - 1න් පස්සේ වෙන දේ ගැන දිවයිනටම දන්වා නිවේදනයක්

මේ චීන වාහනවලට සීමාවක් - යුරෝපා සංගමය වාහන අලෙවියත් හදිසියේ සීමා කරන හේතුව මෙන්න

මේ චීන වාහනවලට සීමාවක් - යුරෝපා සංගමය වාහන අලෙවියත් හදිසියේ සීමා කරන හේතුව මෙන්න

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම