වංචනික විදෙස් රැකියා ඇල්ලීමේ මෙහෙයුම්...

Report

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මෙන් ම ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල ද විශාල වර්ධනයක් මේ දිනවල පවතින බැවින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කාසියේ වාසිය ඇමෙරිකානු කණ්ඩායමට...

කාසියේ වාසිය ඇමෙරිකානු කණ්ඩායමට...

කාර්යාංශයේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාලවලින්ද විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි භාරගැනීම සිදුකරන බව වාර්තා වේ.

ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට 2024 ජනවාරි සිට 2024 ජූනි 18 දක්වා ගතවූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 1051 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ මියයයි

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ මියයයි

කෙසේ වෙතත්, මෙයින් නිවේදනය කරන්නේ, 2024 වර්ෂයේ මුල් මාස 5 තුළ කාර්යාංශයට ලද පැමිණිලිවලට අදාළව වින්දිතයින්ට රු.65,103,626.00 ක මුදලක් යළි අයකර දීමටද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන්ට හැකි වී තිබෙන බවයි.