ගංජා ළඟ තබා ගෙන සිටි ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 19, 2024 04:28 PM GMT
Report

ගංජා සන්තකයේ තබාගත් පිටිපන පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙකු ගම්පහ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිළිය අසල දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොසොන් උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව...

පොසොන් උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව...


මෙම සැකකරුවන් අවුරුදු 20-25ත් අතර වයස්වල පසුවන තරුණ හිමිවරුන් ය.

එමෙන් ම,මෙම දෙදෙනාම ගණේමුල්ල ගලහිටියාව සිරි මහින්දාරාමයේ වැඩ වාසය කරන බවත් අනාවරණ වී තිබෙනවා.

වංචනික විදෙස් රැකියා ඇල්ලීමේ මෙහෙයුම්...

වංචනික විදෙස් රැකියා ඇල්ලීමේ මෙහෙයුම්...

සැකකරුවන්ගෙන් එක් චිවරධාරියකු ළඟ ගංජා මිලිග්‍රෑම් 120ක්ද අනෙක් චීවරධාරීන් ළඟ ගංජා මිලිග්‍රෑම් 100ක්ද ගමන් මලුවල තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මොවුන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ පොලිසියට භාර දී ඇත.