චමුදිතට සිදු වූ සිදුවීම ගැන පොලීසිය ගත් හදිසි තීරණය මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Tiran Alles Deshabandu Tennakoon
By Aruna Jun 24, 2024 03:54 PM GMT
Aruna

Aruna

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල ඔත්තු බැලුවේ යැයි කියන සිදුවීමට අදාලව ගල්කිස්ස පොලිස් කොට්ඨාශය වෙත භාරදී තිබූ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව මීට පෙර එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු පිළියන්දල පොලිසිය විසින් සිදු කළ අතර, අනතුරුව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙතට එහි විමර්ශන කටයුතු භාර දෙනු ලැබීය.

චමුදිතගේ නිවස අසල ඔත්තු බැලූ සිදුවීම දුරදිග යයි..පොලීසිය හදිසි තීරණයක් ගනී..

චමුදිතගේ නිවස අසල ඔත්තු බැලූ සිදුවීම දුරදිග යයි..පොලීසිය හදිසි තීරණයක් ගනී..


එවන් පසුබිමකයි මෙහි නව විමර්ශන කටයුතු කොළඹ අපරාද විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත්තේ.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස පිහිටි නිවාස සංකීර්ණය ඉදිරියේ සැක කටයුතු ලෙස තොරතුරු රැස් කළේ යැයි කියන දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

අදාල පුද්ගලයන් දෙදෙනාම එම නිවාසංකීර්ණයේ ආරක්ෂකයන්ගේ පින්තූර ද ගෙන ඇති බවයි පැවසෙන්නේ.

එම ස්ථානයට පොලිසියට පැමිණීමත් සමග ඔවුන් එතනින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

චමුදිතට සිදු වූ සිද්ධිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න..

චමුදිතට සිදු වූ සිද්ධිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න..


රටේ විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ද නොතකමින් නොබියව කතාකරන මෙවන් මාධ්‍යවේදීන් ගේ ජීවිත අවදානම ගැනවත් සිතා, මෙවන් සැකසහිත සිදුවීම් සම්බන්ධයෙන් දියාරු පිළිවෙත් නොමැතිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට රටේ ආරක්ෂක අංශ කටයුතු කළ යුතුව ඇතැයි මීට පෙර ගගන ප්‍රවෘත්ති අංශයේ අප වාර්තාකරනු ලැබීය.

කෙසේවෙතත් ප්‍රමාද වී හෝ මේ සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශන කටයුත්තක් සිදු කර මීට සම්බන්ධ පුද්ගලයි නීතියේ ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම අදාල අංශ වල වගකීමක් බව ගගන යළිත් මතක් කර දෙන්නෙමු.

චමුදිත ගේ ආරක්ෂාවට රතු එළියක්..නිවාස සංකීර්ණය අසලට නාදුනන පුද්ගලයින් එයි..

චමුදිත ගේ ආරක්ෂාවට රතු එළියක්..නිවාස සංකීර්ණය අසලට නාදුනන පුද්ගලයින් එයි..


ජනතාවගේ ප්‍රශ්න ගැන නිරන්තරයෙන් කතාකරන මෙවන් මාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රශ්න ගැන කඩිනමින් නීතිය ක්‍රියාත්මක වෙතැයි ජනතාව තවමත් අවධියෙන් බලා සිටියි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%