චමුදිතගේ නිවස අසල ඔත්තු බැලූ සිදුවීම දුරදිග යයි..පොලීසිය හදිසි තීරණයක් ගනී..

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල ඔත්තු බැලුවේ යැයි කියන සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් කොට්ඨාශය වෙත මාරු කර තිබෙන බව වාර්තා වනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් මෙතෙක් කරන ලද විමර්ශන කටයුතු, ඉදිරියේදී ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සිදු කිරීමට නියමිතව තිබේ.

චමුදිතට සිදු වූ සිද්ධිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න..

චමුදිතට සිදු වූ සිද්ධිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න..


චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස පිහිටි නිවාස සංකීර්ණය ඉදිරියේ සැක කටයුතු ලෙස තොරතුරු රැස් කළේ යැයි කියන දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

අදාල පුද්ගලයන් දෙදෙනාම එම නිවාසංකීර්ණයේ ආරක්ෂකයන්ගේ පින්තූර ද ගෙන ඇති බවයි පැවසෙන්නේ.

එම ස්ථානයට පොලිසියට පැමිණීමත් සමග ඔවුන් එතනින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රටේ විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ද නොතකමින් නොබියව කතාකරන මෙවන් මාධ්‍යවේදීන් ගේ ජීවිත අවදානම ගැනවත් සිතා, මෙවන් සැකසහිත සිදුවීම් සම්බන්ධයෙන් දියාරු පිළිවෙත් නොමැතිව, දින ගණන් කල්නොමරා, කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට රටේ ආරක්ෂක අංශ කටයුතු කළ යුතුය.

කෙසේවෙතත් මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා හෝ කඩිනම් විසඳුමක් ලබා ගනී යැයි නීතිය ක්‍රියාත්මක කරන ඇත්තන් ගැන යම් විශ්වාසයක් පවතී.

චමුදිත ගේ ආරක්ෂාවට රතු එළියක්..නිවාස සංකීර්ණය අසලට නාදුනන පුද්ගලයින් එයි..

චමුදිත ගේ ආරක්ෂාවට රතු එළියක්..නිවාස සංකීර්ණය අසලට නාදුනන පුද්ගලයින් එයි..


තව ද ජනතාවගේ ප්‍රශ්න ගැන නිරන්තරයෙන් කතාකරන මෙවන් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක වෙතැයි ජනතාව අවධියෙන් බලා සිටියි.

එය රටේ ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන්ගේ ද යහපතට හේතුවක් වේ.