චමුදිත ගේ ආරක්ෂාවට රතු එළියක්..නිවාස සංකීර්ණය අසලට නාදුනන පුද්ගලයින් එයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Jun 22, 2024 03:07 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර, අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටින බවට ආරක්ෂක නිලධාරියා විසින් එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාඳුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජන වලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස් තිබී ඇති බවයි.

මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොමැත.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


 පෙරේදා (20) රාත්‍රී වූ සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමර වික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ හා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහත්වරුන් දුරකථනයෙන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රටේ අපරාධ නොබියව වාර්තා කරන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මෙවැනි ජීවිත අවධානම් තත්ත්වයක් තිබෙද්දිත් ඊට කඩිනම් පියවරක් නොගෙන නිහඬව බලා සිටිනවානම් එය රටේ මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවන්නේ ද?

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..


එම නිසා මෙවැනි මාධ්‍යවේදීන්ට ඉදිරියේදී යම් සිදුවීමක් සිදුවන්නට පෙර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් ස්තිරසාර විසදුමක් ලබාදීමට වගකිවයුතු රට කරවන ඇත්තන් කඩිනමින්  පියවර ගත යුතුව ඇත.

එසේ නොවුනහොත් රටේ මාධ්‍ය නිදහස ගැන ජනතාවට ඇති වන්නේ ප්‍රශ්නාර්ථයකි.