චාමර පාර්ලිමේන්තුවේ හැමෝම ඉස්සරහා හඳුන්නෙත්තිගෙ රෙදි ගලවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි බැරි තමන්ට පමණක් බවට සිතා සිටිය ද බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි නොහැකි බව හෙළි වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (08) දින පැවති පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,
“ඉංග්‍රීසි බෑ කියලා මම තමයි මේ පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට කිව්වේ. වෙන කවුරුවත් කිව්වේ නෑ. මං හිතුවේ මම විතරයි කපුටාස් කියලා. බලාගෙන යද්දි ඔක්කෝම කපුටාස්ලා. අපි පිළිගන්න ඕන අපට බැරි දේ. මාතරින් බදුල්ලෙන් මයියංගණෙන් අපි ආවම අපි රෝයල් නෙමෙයිනෙ. අපිට බැරි දේ අපි පිළිගන්න ඕන. ලෝක ආර්ථික සමුළුව වගේ තැනකට ගිහින් පච වෙනවාට වඩා පුළුවන් කවුරු හරි එක්ක ගෙන ගිහින් වැඩේ කළා නම් රටටත් නම්බුවක්.” යනුවෙන්.