ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා

Report

දෙවැනි ඉරාන නෞකාව භාරගන්නා බව ඉන්දියාව පැවසුවත් ඊයේ(05) සවස 4.00 වනතුරු එය භාර නොගත් බවත් ශ්‍රී ලංකාවට එය භාරගන්නට දී බෝලය පාස් කර නිහඬව සිටි බවත් මෙම තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළා.

ඒ අද(06) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම නැව් ගෙන්නුවේ ශ්‍රී ලංකාව නොවන බවත් මෙම නැව් පැමිණියේ ඉන්දියාවේ පැවති ආරක්ෂක අභ්‍යාසයකට සහභාගි වීමට බැවින් එසේ පැමිණි නැව් ගැන වගකීමක් ඉන්දියාවට තිබෙන බව‍යි.

මිලියන ගාණක වංචාව ගැන චාමර කට අරිද්දි එහෙම ආධාරයක් ලැබිලත් නැල්ලු - මිලයන 35ටම වෙච්ච දෙයක් නෑ

මිලියන ගාණක වංචාව ගැන චාමර කට අරිද්දි එහෙම ආධාරයක් ලැබිලත් නැල්ලු - මිලයන 35ටම වෙච්ච දෙයක් නෑ

"අපේ ජනාධිපතිතුමා ඉන්දියාවේ කරට අත දාගෙන ඉන්නේ. ඒ වුණාට දන්නෙම නැතුව පිටිපස්සෙන් කෙළිනවා. අපි කිහිපදෙනෙක් ඉරානයේ තානාපති කාර්යාලයට ගියා ශෝකය පළ කරන්න. එහිදී ඉරාන තානාපතිවරයා කිව්වා ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයාත් මෙම පුහුණුවට ඇවිල්ලා හිටියා කියලා. එතකොට ශ්‍රී ලංකාවට එන්න කියලා අපේ නාවික හමුදාපතිවරයා කියලා තියෙනවා කියලා ඉරාන තානාපතිවරයා අපිත් එක්ක කිව්වා. නාවික හමුදාපතිවරයා එහෙම කියලා තියෙන්නේ වගකීමක් ඇතුවද නැද්ද කියල නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතුයි. නැත්නම් නාවික හමුදාපතිවරයාට ඉවත් වෙන්න කියලා කියන්න."    

ඉදිරි සතිය තීරණාත්මකයි - අත්‍යවශ්‍ය සේවා ප්‍රමාධවන බවට රජයෙන් ඉඟියක්

ඉදිරි සතිය තීරණාත්මකයි - අත්‍යවශ්‍ය සේවා ප්‍රමාධවන බවට රජයෙන් ඉඟියක්

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි