ඉදිරි සතිය තීරණාත්මකයි - අත්‍යවශ්‍ය සේවා ප්‍රමාධවන බවට රජයෙන් ඉඟියක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පවසන පරිදි නැව් සහ ගුවන් යානා ගමනට පනවා ඇති සීමා නිසා දැනට ඉල්ලුම් කර ඇති අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාද සිදුවිය හැකි බව සඳහන් කරයි.
ඒ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමේ කාලය දිගු කිරීම පිළිබඳ විවාදය අරඹමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේ, යුද තත්ත්වය නිසා නැව් සහ ගුවන් යානා වලට සීමා පනවා ඇති බැවින්, ඉල්ලුම් කරන ලද අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාද ඇති වීමට ඉඩ ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“ඉදිරි සති කීපය ඉතා තීරණාත්මක වන බැවින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතුය. හදිසි තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට අප කල්පනා කළේ ඒ නිසයි. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැපයීම සඳහා අප විධිමත් සැලැස්මක් සකස් කර තිබේ,”
යනුවෙනි.