ඉෂාරා කියන්නේ තනි කෙනෙක් නෙමෙයි - ඉෂාරා ගැන පළමුවරට චමල් රාජපක්ෂ කට අරී

Report

පාතාල කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකරු වන ඉෂාර සෙව්වන්දි විදේශගතව සිටියදී ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම අපි සාදරයෙන් පිළිගන්නා බවට රාජපක්ෂ පවුලේ හිටපු ඇමති චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂවරුන්ට මෙම ඉෂාර සෙව්වන්දි සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවටත් ඔහු තවදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය,

"ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් පොලිසිය විසින් බරපතල හා විධිමත් පරීක්ෂණ පැවැත්විය යුතුයි. පාතාල කල්ලි ඇයව ඔවුන්ගේ අරමුණුවලට යොදාගෙන ඇති බව පැහැදිලියි. ඇය තනිව කටයුතු කළ බව සිතීම සුදුසු නැහැ. ඇයට නීතියට අනුකූලව සුදුසු දඬුවම් ලබාදිය යුතුයි.

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් ආනන්දගෙන් ඇඟ කිළි පොලායන හෙළිදරව්වක්

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් ආනන්දගෙන් ඇඟ කිළි පොලායන හෙළිදරව්වක්

ඉෂාර සෙව්වන්දි සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයින් ඇතුළු සියලු පුද්ගලයන්ගේ නම් හා විස්තර රජය විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර, ඔවුන්ව අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතුයි.

රාජපක්ෂවරුන්ට ඉෂාර සෙව්වන්දි සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති බව අපි තරයේ ප්‍රකාශ කරමු. සමාජ මාධ්‍යවල පළවන ව්‍යාජ හා අසත්‍ය තොරතුරු අපි දැඩි ලෙස හෙළා දකිමු."

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න

සෙව්වන්දිව ඉන්දියා යැවූ අයමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවත් රට පටවා ඇත්තේ..

සෙව්වන්දිව ඉන්දියා යැවූ අයමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවත් රට පටවා ඇත්තේ..