අවුරුදු උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබා දෙන බව රජයෙන් කියයි
අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනය කර ඇත්තේ එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සූදානම් බවයි.
අද දින (07) අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ විදුලි බල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර මේ සඳහා විදුලිය ලබා ගැනීමේ පහසුකම මේ වන විට සලසා දී ඇති බවය.
ඒ අනුව එළැඹෙන 15 වැනිදා සිට 19 වැනිදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
"විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා ඒ නිසා 15 වැනිදා සිට 19 දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබා ගන්න පහසුකම් ලබා දෙනවා"