ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි- ගුරු මාරුවීම් වෙනස් කරන NEMIS සිස්ටම් එක ගැන අගමැතිනියගෙන් විශේෂ තීරණයක්

Report

ගුරු මාරුවීම් ගැන විශේෂ තීරණයක් NEMIS (National Education Management Information System) පද්ධතියේ මානව සම්පත් කළමනාකරණ (HRM) මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙන බවත් ඉතිරි පළාත් පහේ තොරතුරු ඉදිරි මාස තුන තුළ ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

NEMIS ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ආරම්භ කර ඇත. එමෙන්ම ගුරු ස්ථාන මාරු සඳහා මෙම NEMIS පද්ධතිය ඉදිරියේදී භාවිත කිරීමට නියමිත අතර, මේ වන විටත් සබරගමුව සහ බස්නාහිර පළාත්වල ගුරු ස්ථාන මාරු කටයුතු එමගින් සිදු කිරීම ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සහ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ .

එහිදී ඉහළ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ.

රටම කළඹමින් මිය ගිය කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය- ජංගම දුරකථන විමර්ශන ප්‍රගතිය ගැන කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අතෘප්තිය

රටම කළඹමින් මිය ගිය කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය- ජංගම දුරකථන විමර්ශන ප්‍රගතිය ගැන කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අතෘප්තිය

එමෙන්ම වත්මන් රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඩිජිටල් පහසුකම් සැපයීමේ ඉලක්කය සහිතව, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර තුළ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීම, ස්මාර්ට් පුවරු, අන්තර්ජාල පහසුකම් සහ පරිගණක ලබා දීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සිදු කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇති බව පැවසේ.

එමෙන්ම පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට ෆයිබර් (Fibre) තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රගතියද අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට ලක්ව තිබේ.

ලබන දෙසැම්බර් 31 වනවිට එම පහසුකම් ලබා දී අවසන් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ ෆයිබර් තාක්ෂණය යෙදවීම ප්‍රායෝගිකව අපහසු පාසල් සඳහා රැහැන් රහිත (Wireless) හෝ චන්ද්‍රිකා (Satellite) තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා සියලු සේවා සපයන්නන්ගේ තරඟකාරී යෝජනා සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව LMS (Learning Management System) සහ NEMIS පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් සියලුම පාසල් ඒ හා සම්බන්ධ කිරීම, 'ඊ-තක්සලාව' යාවත්කාලීන කිරීම ගැනත් අවධානය යොමු කර තිබේ.

ඒ වගේම අධ්‍යාපන ඩිජිටල්කරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා GovTech ආයතනය අතර ගිවිසුම්ගත වීම ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු රාශියක් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ළමා ලිංගික අපයෝජන දර්ශන නරඹා බාගත කළ කැනඩාවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු අත්අඩංගුවට?

ළමා ලිංගික අපයෝජන දර්ශන නරඹා බාගත කළ කැනඩාවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු අත්අඩංගුවට?