හෝමූස්වල එක නැවකට හරි පහර දුන්නොත් ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරනවා - යුද ගිනි මැද ට්‍රම්ප්ගෙන් සටහනක්
හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට තම හමුදා පහර දෙන ඕනෑම අවස්ථාවක එක්සත් ජනපදය ඉරාන පාලමක් හෝ විදුලි බලාගාරයක් විනාශ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, විභව ඉලක්ක අතරට ටෙහෙරාන් අගනුවර "ආසන්නයේ හෝ ඇතුළත" පිහිටා ඇති ඒවා ඇතුළත් විය හැකි බවයි.
එසේම "මිසයිල, රොකට්, ඩ්‍රෝන් හෝ වෙනත් ඕනෑම උපකරණයක් හෝ ආයුධයක් මඟින් වේවා", අත්‍යවශ්‍ය ජල මාර්ගයේ නැව් ගමනාගමනයට එල්ල වන ඕනෑම ආකාරයක ප්‍රහාරයකට පසුව හමුදා ප්‍රතිචාරය දක්වනු ඇති බව සඳහන්.
ලෝක තෙල් මිල එකම දවසේ දෙවෙනි වරටත් උඩුයටිකුරු වෙයි - මීට සුළු මොහොතකට පෙර සති හයකට පසු වාර්තා වූ ඉහළම තෙල් මිල මෙන්න
ඔහුගේ මෙම තර්ජනය එල්ල වූයේ, අඛණ්ඩව 11 වන රාත්‍රියේත් එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි. එමෙන්ම ටෙහෙරානය එක්සත් ජනපදයට එහි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීමට එරෙහිව අනතුරු අඟවා ඇත.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ගමනාගමනයට තර්ජනයක් වීමට ඉරානයේ හැකියාව තවදුරටත් පහත හෙලීම සඳහා මෙම ප්‍රහාර රැල්ල සැලසුම් කර ඇති බව ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කර තිබෙනවා.
එසේම ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරාන් අගනුවර ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර තිබෙන බවයි. වයඹදිග ටැබ්‍රිස් නගරයේ, චබහාර් සහ කොනාරක් හි ගිනිකොනදිග වරායන්හි සහ ඉරානයේ එකම න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇති දකුණු නගරය වන බුෂෙහර්හි ද පිපිරීම් වාර්තා වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයට සහ එහි මැදපෙරදිග සහචරයින්ට එරෙහිව පළිගැනීම් සිදු කර තිබෙන ඉරානය, නටාන්ක්ස් අසල භූගත න්‍යෂ්ටික ස්ථානයකට එක්සත් ජනපදය ඉක්මනින් පහර දෙන බව ට්‍රම්ප් පැවසීමෙන් ානතුරුව පළිගැනීම් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණා.
කෙසේ වෙතත් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එකඟ වුවද, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සඳහා දෙරට අතර ගැටුම් ඇති වූ විට, ඉකුත් සතියේ එහි සතුරුකම් නැවත ආරම්භ වුණි.