අඩු මානසික තත්ත්වයෙන් පෙළෙන සහෝදරයාව මරලා - පිහිය අරන් පොලීසියට ගිහින් සියල්ල වැමෑරූ පුද්ගලයා අත්අඩංගුවට

Report

අඩු මානසික තත්ත්වයෙන් පෙළෙන සිය සහෝදරයාව ඝාතනය කර පොලීසියට ගොස් පාපෝච්චාරණය කළ පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (22) දින දහවල් 2.10ට පමණ පිහියක්ද රැගෙන ආරච්චිකට්ටුව පොලීසියට පැමිණ ඇති අයෙකු කියා ඇත්තේ තමන් විසින් සිය සහෝදරයාව ඝාතනය කළ බවයි.

එහිදී ක්‍රියාත්මක වී ඇති පොලීසිය ඔවුන් පදිංචිව සිටි නිවසට ගොස් ඇති අතර එම නිවසේ කාමරයක ඇඳක් මත කැපුම් තුවාල සහිතව මියගොස් ඇති සිරුර තිබී පොලීසියට හමුවී ඇති බව වාර්තා වේ.

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - රාජකදළුව පදිංචිව සිටි දුලේන් හසංක නම් අයෙක් බව පවසයි. මියගොස් ඇති අඩු මානසික තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාව දිවා කාලයේ රැක බලා ගෙන ඇත්තේ සැකකරු විසින් බවද පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න