දිවයින පුරා ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය (Sri Lanka Chamber of Garment Exporters - SLCGE) දිවයින පුරා ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට සිය සාමාජිකත්වයට එක්වන ලෙස ආරාධනා කර‍යි.

ඒ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් නිෂ්පාදකයන් ශක්තිමත් කිරීමේ අරමුණින්. 1994 වසරේදී ඇරඹූ SLCGE, වසර 30කට අධික කාලයක් මෙරට ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගතිය, නියෝජනය සහ කර්මාන්ත සංවර්ධනය සඳහා කටයුතු කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය පෙන්වා දෙන්නේ ගෝලීය ඇඟලුම් වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය දිනෙන් දින ඉහළ යන පසුබිමක, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන් සඳහා එකම කර්මාන්ත වේදිකාවක් තුළ එක්ව කටයුතු කිරීම වඩාත් වැදගත් වී ඇති බවයි.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

එමෙන්ම දැනුම හුවමාරු කර ගැනීම, පොදු අභියෝග හඳුනා ගැනීම, අපනයන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කර ගැනීම සහ නව ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගයේ සාමාජිකත්වය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ප්‍රායෝගික වේදිකාවක් සපයන බව ඔවුන් පවසයි.

තවද ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගයේ සාමාජිකයන්ට අනෙකුත් නිෂ්පාදකයන් සමඟ සම්බන්ධ වී නව සහ මෙතෙක් පූර්ණ වශයෙන් භාවිතයට නොගත් ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව සැලසෙන බව ද පෙන්වා දෙයි.

ඊට අමතරව, කර්මාන්තයට අදාළ නවතම දැනුම, වෙළෙඳපොළ තොරතුරු සහ හොඳම භාවිතයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීමටත්, වැඩමුළු, සම්මන්ත්‍රණ, ජාලගත කිරීමේ වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමටත් සාමාජිකයන්ට අවස්ථාව හිමි වන බව සඳහන්.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

එමෙන්ම රජයේ ප්‍රතිපත්ති, රෙගුලාසි සහ අපනයන ක්‍රියාවලීන් පිළිබඳ මාර්ගෝපදේශ ලබාදීමද ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගයේ සාමාජිකත්වයේ තවත් එක් වැදගත් අංගයක් බව පවසයි.

තවද මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ වී ව්‍යාපාරික මූල්‍යකරණය සහ වර්ධන අවස්ථා පිළිබඳ අවබෝධය ලබා ගැනීමටද සාමාජිකයන්ට සහාය ලැබෙන අතර ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට උත්සාහ කරන වත්මන් අවස්ථාවේදී, සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට රැකියා උත්පාදනය, ප්‍රාදේශීය කර්මාන්ත වර්ධනය සහ විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදිය හැකි බව ප්‍රකාශ කරයි.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

මේ වන විටත් අපනයන කටයුතුවල නිරත නිෂ්පාදකයන්ට මෙන්ම, ඉදිරියේදී අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන ඇඟලුම් නිෂ්පාදකයන්ටද ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය ඔස්සේ සහයෝගීතාව, ජාලගත කිරීම සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ශක්තිමත් වේදිකාවක් සලසා දෙන බව මෙම සභාගය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව සාමාජිකත්වය සඳහා වැඩි විස්තර පහත ආකාරයට සම්බන්ධ වීමෙන් ලබා ගත හැක.

විද්‍යුත් තැපෑල: info@srilankagarments.lk

වෙබ් අඩවිය: www.srilankagarments.lk

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න