මාලිමා සංවිධායකයෙක් පහර දී ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් රෝහලේ - පොලිසියට ගියොත් වෙන දේ ගැන කියලා ගෙදරටම ගිහින් බිරිඳට තර්ජන

Report

කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේෂන් රාජේන්ද්‍රන්ට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු විසින් පහර දුන් බව කියමින් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඒ අනුව මෙම පහර දීම කොටගල නගරයේදි ඊයේ(21) පස්වරු 3:00ට පමණ සිදු වූ බවද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පවසන බව සඳහන්.

එමෙන්ම ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ඔහුගේ ආධාරකරුවෙකු විසින් තමන් මෝටර් රථයෙන් 21 වැනිදා සවස නිවස වෙත යමින් සිටියදී කොටගල නගරයෙදි සිය මෝටර් රථය හරස් කර නතර කරවාගෙන ඔවුන් දෙදෙනාම තමන්ට පහර දී තුවාල කළ බවයි ඔහු පවසන බව වාර්තා වේ.

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

එසේම පහරදීමෙන් අනතුරුව මෝටර් රථයේ යතුර ඔවුන් විසින් රැගෙන ගිය බව කියමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දිඹුල පතන පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර ඇති බවට තොරතුරු සඳහන්.

තවද කොටගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ උප සභාපතිනියට සභාව තුළදී බැන වැදීම නතර කරන ලෙස බල කරමින් තමන්ට පහර දුන් බවද ඔහු පැවසූ බව සඳහන්.

ඊට අමතරව සැකකරුවන් ඔහුගේ නිවසට පැමිණ සිද්ධිය පොලිසිය වෙත පැමිණිලි කළහොත් මීට වඩා දේවල්වලට ඉදිරියේදී මුහුණ පෑමට සිදු වන බව කියා බිරිඳට තර්ජනය කර ඇති බවද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කියා ඇති බව සඳහන්.

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග

මේ අතර පහර දුන්නේ යැයි කියන සැකකරුවන් දෙදෙනා අදාළ මන්ත්‍රිවරයා තමන්ට පහර දුන් බව පවසමින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කෙසේ වෙතත් දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා ඇත්තේ සිදුවීමට සම්බන්ධ තිදෙනා රෝහලෙන් බැහැර වීමෙන් පසු අදාළ නෛතික පියවර ගන්නා බවයි.

ලෝක තෙල් මිල එකම දවසේ දෙවෙනි වරටත් උඩුයටිකුරු වෙයි - මීට සුළු මොහොතකට පෙර සති හයකට පසු වාර්තා වූ ඉහළම තෙල් මිල මෙන්න

ලෝක තෙල් මිල එකම දවසේ දෙවෙනි වරටත් උඩුයටිකුරු වෙයි - මීට සුළු මොහොතකට පෙර සති හයකට පසු වාර්තා වූ ඉහළම තෙල් මිල මෙන්න