රටම අඳුරට ඇඳ දැමූ විදුලියේ ස්ථාවරත්වය මෙන්න - බලශක්ති ඇමතිට ලිපියක්
මේ වන විට රටේ විදුලි පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටළු මඟහරවා ගැනීම සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මඟින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ගැනීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ අනුව අඳාළ ලිපියේ දැක්වෙන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය හමුවේ සේවකයන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කිසිදු අයුරකින් අඩු නොවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කර තිබෙන බවයි.
එවැනි පසුබිමක සේවක අයිතිවාසිකම් බරපතළ ආකාරයට උල්ලංඝනය කරමින් ලංවිම සේවකයන් අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමට මේ වන විට සූදානම් වන බවද අඳාළ සංගමය සඳහන් කරයි.
විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි
එසේම සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීමට දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් සහ සාකච්ඡා අසාර්ථක වීම නිසා ඉකුත් සඳුදා (9) පස්වරු 3.00 සිට වෘත්තීය සමිති 25ක එකමුතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවූ බවත් අඳාළ ලිපියේ සඳහන්.
එබැවින් එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන් අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ ඊයේ (10) දින සාකච්ඡාවක් පැවැත් වූ බවත් එම සාකච්ඡා යම් සාධනීය තත්ත්වයකින් අවසන් වූ අතර, එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර අවසන් තීරණ ලබාදීමට අනුප්‍රාප්තික සමාගම් හතරක සභාපතිවරු එකඟ වී ඇති බවයි.
ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න
සම්පූර්ණ ලිපිය පහතින්,
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් බලශක්ති ඇමතිට ලිපියක් by poornima