රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි

Report

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ඊයේ(24) පැවැත්වූ අවස්ථාවකදී රජයේ වෛද්‍යවරුන්ගේ සංකේත වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, දේශපාලනය දේශපාලනඥයන්ට භාර දී රෝගීන් අතහැර දමා දේශපාලන පිටියේදී හමුවී ගනුදෙනු කර ගන්නා ලෙසයි.

ඒ මහතා මෙසේ සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ මීගම්මනවත්තේදී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

වසර 100කට වඩා පැරණි පරිණත වෘත්තීය සමිතියක් ලෙස රෝගීන් අසීරුතාවට පත් නොකර සාකච්ඡා මගින් ගැටලු විසඳා ගැනීම වඩා උචිත බව ඔහු අවධාරණය කළේය.

වෛද්‍යවරු ඉදිරි පැය 24 ත් දැඩි වෙයි - සියලුම රජයේ රෝහල් ගැන දැනුම්දීමක්

වෛද්‍යවරු ඉදිරි පැය 24 ත් දැඩි වෙයි - සියලුම රජයේ රෝහල් ගැන දැනුම්දීමක්

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 42ක් අද ජනතා අයිතියට පත් කිරීම සඳහා දිවයින පුරා වැඩසටහන් මාලාවක් පැවැත්වූ අතර, මහනුවර දිස්ත්‍රික්ක වැඩසටහන මීගම්මනවත්තේදී සිදු විය.

වසර තුනක කාලයක් තුළ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 2000ක් දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමට සැලසුම් ඇති අතර, මේ වන විට 45ක් ජනතා අයිතියට පත් කර ඇත. මෙම වසර තුළදී තවත් 250ක් ස්ථාපිත කර ජනතාවට භාර දීමට නියමිතය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් නොකර ආර්ථික ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරුන් සංකේත වර්ජනයක නිරත වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, රෝගීන් පීඩාවට පත් කරමින් සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙසේ ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි බව පැවසීය.

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

සේවා ව්‍යවස්ථාව පරිපාලනමය කාර්යයක් බවත්, වසර ගණනාවක සිට විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින මෙම කාරණය සඳහා මුල පිරීමක් පමණක් සිදු කළ බවත් ඔහු සඳහන් කළේය. එය රෝගීන්ට හෝ රජයට විසඳිය නොහැකි බවත්, සෞඛ්‍ය පරිපාලනය විසින් සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

වැටුප් ඉහළ නැංවීම සම්බන්ධ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සමස්ථ රාජ්‍ය සේවයට සිදු වූ බවත්, ඊට සමගාමීව වෛද්‍යවරුන්ගේ වැටුප ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවූ බවත් ඔහු කීවේය.

ආපදාවෙන් රට මුදා ගැනීම සඳහා රජය විශාල කාර්යභාරයක් ඉටු කරන අවස්ථාවක මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බවත්, මහ බැංකුවේ සියලු මුදල් ලබා දුන්නද වර්ජකයන්ට එය ප්‍රමාණවත් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

පාතදුම්බර ප්‍රාදේශීය සභා සභාපති නිමල් හේරත්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරී, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අර්ජන තිලකරත්න යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් හා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?