හේමසිරිට සහ පූජිත්ට වැඩ වරදියි - පාස්කු නඩුව යළි කැඳවයි
පාස්කු ඉරු දින එල්ල වීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගත් විටත් එය වළක්වා ගැනීමට අදාළ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයව එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එම නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙස අද (26) කොළඹ මහාධිකරණය නියෝග කළේය. මෙම නඩුව පෙර විභාගයට ගත් විනිසුරු මඩුල්ලේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන්, නඩුව යළි කැඳවීමට තීරණය කර ඇතැයි මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයව මෙම චෝදනාව සම්බන්ධව, විත්තිකරුවන්ගේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පෙර නියෝග කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කරන ලදී. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙර නීතිපතිවරයාට අදාළ නඩුව යළි විභාගයට කැඳවා, විත්තිකරුවන්ගේ සාක්ෂි ලබාගත් පසු තීන්දුවක් ලබා දිය යුතු බව තීරණය කළේය. ඒ අනුව, අද (26) වන විට මෙම නඩුව යළි කැඳවා තිබේ.