බස් ගාස්තු 2.5% කින් අඩු කරන්න අනුමැතිය [UPDATE]

Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු 2.5%කින් අඩු කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2025 ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු 2.5%කින් සංශෝධනය වන බව එම කොමිෂන් සභාව පවසා ඇත. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව, සෑම වසරකම ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

කෙසේ වුවත්, එහිදී ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කළේ බස් ගාස්තු 2%කින් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් සංශෝධනය කරන බවයි.

බස් සංගම් මීට විරෝධය පළ කළ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙහි ප්‍රතිලාභ මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවයි.

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

ප්‍රතිශතය අනුව, බස් ගාස්තු රුපියල් 1කින් හෝ රුපියල් 2කින් අඩු වනු ඇති බවද වාර්තා වේ.

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි