සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින [PHOTOS]
By R.rishma
වයස යනු අංකයක් පමණක් බව ඔප්පු කරමින්, සැම්බියාවේ ගමක 85 හැවිරිදි මාග්‍රට් සෝලා නම් කාන්තාව විලාසිතා ලෝකයේ තරුවක් බවට පත්ව ඇත.
ඇගේ මිනිබිරිය, නිව්යෝර්ක්හි වේශ නිරූපණ ශිල්පිනියක වන තරුණිය, මෑතකදී සැම්බියාවට ගොස් ආච්චිව බැලීමට ගිය අවස්ථාවේ, ඇයව නවීන ඇඳුම් සහ විග්වලින් සරසා ඡායාරූප ගත්තාය.
මෙම ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වූ පසු, ඒවා වෛරල් තත්ත්වයට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මාග්‍රට් සෝලාට ජනප්‍රිය හොලිවුඩ් වෙබ් මාලාවක රඟපෑමේ අවස්ථාවක් ද හිමි වී තිබේ.




