ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන - 25කට වැඩි පිරිසක් මරුට

By Kanchana Oct 24, 2025 03:31 AM GMT
Report

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමට ලක්ව තිබේ.

එම අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිර්‍ර්මට සිදුව තිබේ .

මෙම අනතුරින් තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර ඇත.

හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙලෙස අනතුරට මුහුණ පා තිබුණි .

බිහිසුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට 7ට බරපතළයි

බිහිසුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට 7ට බරපතළයි

බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ සිටි බව වාර්ථා වේ.

මෙම ගින්න ඇති වී තිබෙනුයේ බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙනි.

මෙම අනතුර සිදුවෙද්දී බොහෝ මගීන් ප්‍රමාණයක් නින්දේ සිට ඇති අතර එය මරණ සංඛ්‍යාව ඉහළ යාමට එය හේතුවක් වී තිබේ.

කෙසේ නමුත් අවදිව සිටි මගීන් කෑගසමින් පිටතට පැන ඇති බවට වාර්ථා වේ.

මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් මිල හොඳටම පහළට - අලුත්ම මිල ගණන් මෙන්න