බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

Report

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් ඊසාන දිග යුක්‍රේනයේ බස් රථයකට එල්ල වීම නිසා පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් හත් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරය එල්ල වී තිබුණේ රුසියාවේ දේශසීමාවට ආසන්නව කලාපීය අගනුවරට මෙම බස් රථය ගමන් කරමින් සිටියදී බව වාර්තා වේ.

නාමල්ටයි බිරිදටයි මිලියන 146.5 රත්‍රන්..අයිතිය ගැන හෙළිවේ?

නාමල්ටයි බිරිදටයි මිලියන 146.5 රත්‍රන්..අයිතිය ගැන හෙළිවේ?

විදෙස් මාධ්‍ය සඳහන්ව කරන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර පළමු සෘජු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

එසේ සාම සාකච්ඡා පවත්වා ඇත්තේ වසර 3කට පසුව බව ද සඳහන්.

මේ වන තෙක් ප්‍රහාරය සම්බන්ධ‍යෙන් රුසියාව කිසිවක් ප්‍රකාශ කර නොමැත.

එසේ වුවත් යුක්‍රේන ජනාධිපතිවරයා විසින් සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීමට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ

ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ

වැඩිදුරටත් යුක්‍රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කලාපයේ අගනුවර වන සුමි නගරයේ රෝහලකට ඇතුළත් කළ බවයි.

ඒ අතර තිදෙනෙකුගේ තත්ත්වය ද බරපතළ බව ද වාර්තා වේ. 

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO) | Bus Attack Kills 9 People Ukraine Russian Death