නාමල්ටයි බිරිදටයි මිලියන 146.5 රත්‍රන්..අයිතිය ගැන හෙළිවේ?
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ගමනෙන් පසු ඊළඟට දේශපාලන භූමිකාව නියෝජනය කිරීමට පැමිණියේ නාමල් රාජපක්ෂයි. පසුගියදා ඔවුන්ගේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකවරයෙක් ඉදිරිපත් කිරීමට නොසිටි අවස්ථාවක ඒ සඳහා තරග වැදීමට නාමල් රාජපක්ෂ තීරණය කළා.
ඒ අතරතුර මැතිවරණ කොමිසමේ දැන්වීමකට අනුව සියලු අපේක්ෂකයන් තමන්ගේ වත්කම් හෙළි කිරීමට නියමිතව තිබුණා. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා තමන් සතු වත්කම් සහ තමන්ගේ බිරිඳ සතු වත්කම් පිළිබඳව හෙළිදරව්වක් සිදු කළා. එය අනුව නාමල් රාජපක්ෂ මහතා සතුව රුපියල් මිලියන 8.5ක ස්වර්ණාභරණ හා නොකැපූ මැණික් ගල් තිබේ.ඒ වගේම ඔහුගේ බිරිඳට පරම්පරාවෙන් මවුපියන්ගෙන් දායාද ලෙසලැබුණු මාල මුදු තැල්ල දියමන්ති ඔරලෝසු ආදී රත්තරන් බඩු රැසක වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 138ක් ලෙස දක්වා තිබුණා.
සමස්තයක් ලෙස ගත්විට රුපියල් මිලියන 146.5 පමණ රත්තරන් බඩු ඔවුන් සතුයි. ඉතින් මේ සියලු දේවල් එක්ක තවත් සමහරක් දෙනා චෝදනා කරා උතුරේ ජනතාව බැංකු වල තබා තිබූ රත්තරන් බඩු යුද්ධය අවසන් වීමත් සමගම මහින්ද රාජපක්ෂ විසින් තමා සන්තක කරගත්තා කියන කාරණය. ඒ සියලු රත්තරන් එක්කද නාමල් මෙච්චර වත්කමක් පෙන්නුවේ කියලත් සමාජය තුළ කතිකාවක් නිර්මාණය වුණා. හැබැයි ඇත්තටම උනේ මොකක්ද කියලා උදය ගම්මන්පිල මහත්මයා එක්තරා වැඩසටහනකට සම්බන්ධ වෙලා අපූරුවට පැහැදිලි කළා.ඔහු සඳහන් කරන ආකාරයට එදා උතුරේ කොටින්ගෙ බැංකුවල තියල තිබ්බ රත්තරන් බඩු ජනතාවට බෙදලා දෙන්න මහින්ද දෙපාරක් හිතලා නැහැ.
ඒ වෙනුවෙන් හමුදාවෙ සහාය ඇරගෙන ජනතාව දැනුවත් කරා. ඒ වගේම රත්තරන් බඩු සම්බන්ධයෙන් ලිය කියවිල්ලක් තමන් ළඟ තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් රජය දැනුවත් කළා. ඒ ආකාරයෙන් ලිය කියවිලි ඉදිරිපත් කෙරූ බොහෝ පිරිසකට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවිධායකත්වයක් යටතේ පැවැත්වූ රැස්වීමකදී මේ රත්තරන් බඩු බෙදා දුන්නා කියලා සඳහන්.
ඉතින් දන්නෙ නැතුව කිසි දෙයක් ගැන මහින්ද රාජපක්ෂට චෝදනා කරන්න එපා කියලත් උදය ගම්මන්පිල මහත්මයා මේ අවස්ථාවේ සඳහන් කරලා තිබුණා. කෙසේ නමුත් මේ පිළිබඳව සාක්ෂි සාධක සහිතව අන්තර්ජාලය තොරතුරු සොයා ගැනීමටත් හැකියාව පවතින බව එතුමා සඳහන් කළා.
