ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් මිලට ගැනීමට අදාළ ඇනවුම් පතක් සමාජ ජාල වල හුවමාරු වෙයි.
රුපියල් ලක්ෂ හත ඉක්මවූ මෙම ගෙවීම සදහා මැයි මස පස්වෙනිදා මුදල් ඇනවුම් පත නිකුත් කර තිබේ.
දැනට වෙළඳපොලේ පවතින එම වර්ගයේ අලුත්ම මාදිලියේ ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් එකක් 301,694 බැගින් වූ මිලකටයි.
බදුද එක් වූ පසු දුරකතන දෙක සදහා රුපියල් 711,999ක් ගෙවා ඇති බව එහි සදහන් වෙයි.