දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි
ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
2022 වසරේදී ලැබුණු පැමිණිලි මත, වෙළෙඳපොළේ අලෙවි කරන ලද දුඹුරු සීනිවලට වර්ණක යෙදූ බවට සැකයක් මතු වීම හේතුවෙන්, සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂණ සිදු කර ඇත. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ලැබුණු පරීක්ෂණාගාර වාර්තාවලට අනුව, එම දුඹුරු සීනි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශිත රමිතිවලට අනුකූල නොවන බව තහවුරු විය.
මේ හේතුවෙන්, 2023 වසරේදී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම සුපිරි වෙළෙඳසැලට එරෙහිව නඩු පවරන ලදී. චෝදනා දෙකක් යටතේ නඩු විභාගය සිදු වූ අතර, ඒවා නම්:
- ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම.
- එම සීනි අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම.
ඊයේ, (19) දින, අදාළ සුපිරි වෙළෙඳසැල එම චෝදනාවලට වරද පිළිගත් අතර, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හතරක (රු. 400,000) දඩ මුදලක් පැනවීමට නියෝග කරන ලදී.
මීගමුව සිද්ධියට අමතරව, දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙඳසැල් ශාඛා තුනකට, කල් ඉකුත් වූ භාණ්ඡ අලෙවි කිරීමේ චෝදනාව යටතේ රුපියල් ලක්ෂ දෙක බැගින් (රු. 200,000) දඩ මුදල් පැනවීමට කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය 2025 ජුනි 18 වැනි දින නියෝග කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය මාස දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව පුරා සුපිරි වෙළෙඳසැල් 187කට අධික සංඛ්‍යාවක වැටලීම් සිදු කර ඇති බව වාර්තා වේ. මෙම වැටලීම්වලදී, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, සහ අනෙකුත් පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බලා ඇත.
මෙම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස, පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අධිකාරිය විසින් දැඩි ක්‍රියාමාර්ග ගනිමින්, උල්ලංඝනය කරන ලද වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.
