ආපදාවට උදව් කරන්න ගිය බස්රථය අනතුරට

Report

නුවරඑළිය ප්‍රදේශයේ ආපදා සහන සේවා සඳහා කළුතර ප්‍රදේශයේ පිරිසක් ගිය බස් රථයක් කටයුතු නිමවා එමින් සිටියදී අනතුරට පත් වූ බව නානුඔය පොලිසිය වාර්තා කරයි.

අයහපත් කාලගුණයෙන් විනාශ වූ නුවරඑළිය නගරයේ පොදු ස්ථාන සහ නගරය පිරිසිදු කිරිමට පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ ඊයේ (06) රාත්‍රියේ අනතුරට පත්ව ඇත.

අලි මදිවට කොටි ඒ අස්සේ දේවාලයකට අකුණු ගහලා ලොකු විනාසයක්

අලි මදිවට කොටි ඒ අස්සේ දේවාලයකට අකුණු ගහලා ලොකු විනාසයක්

කළුතර ප්‍රදේශයේ සිට මිට සිව් දිනකට ප්‍රථම ඔවුන් නුවරඑළිය නගරයට ගොස් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර තිබේ.

සිය කටයුත්ත අවසන් කිරිමෙන් අනතුරුව නුවරඑළිය සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කළුතර දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ අධික බෑවුමක් සහිත සමර්සෙට් වත්ත ප්‍රදේශයේදි බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති අතර ඒ හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී එම මාර්ගයේ පස් කන්දක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

අනතුරින් කිසිවෙකුට හානියක් නොමැති අතර බස් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබේ. එම මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කර ඇති බව නොදැන අනතුරට පත් බස් රථයේ රියදුරා බස් රථය ධාවනය කර ඇති බවද පොලිසිය පවසයි.