හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන්..

Sri Lanka Latest Headlines Sanath Nishantha
By Piyumika Nov 13, 2024 03:36 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය ගත්ත දැඩි තීරණය..

අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය ගත්ත දැඩි තීරණය..

සනත් නිශාන්ත මහතාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් එහි ගොස් එම බංගලාව රජයට බාරගෙන ඇත.

සනත් නිශාන්ත මහතා පසුගිය ජනවාරි මස 25 වැනිදා හදිසි අනතුරකින් මිය යෑමෙන් පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම බංගලාවේ දිගටම රැඳී සිටීමට හිටපු රජය අවස්ථාව සලසා දී තිබිණ.

අපොයි දෙවියනේ ලංකාවට අපු විදේශිකයා අරන් ඇවිත් තියන දේ..අරන් ආපු විදිහ ඇහුවොත් නම්..

අපොයි දෙවියනේ ලංකාවට අපු විදේශිකයා අරන් ඇවිත් තියන දේ..අරන් ආපු විදිහ ඇහුවොත් නම්..

නව රජය බලයට පත්වීමෙන් පසු හිටපු අමැතිවරුන්ගේ නිවාස යළි රජයට බාර ගැනීමට ගත් තීරණයත් සමග මෙම නිවාසයද රජයට ගැනීමට කටයුතු කෙරිණ.

මෙම බංගලාව බාරදීමත් සමඟ හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ReeCha