අපොයි දෙවියනේ ලංකාවට අපු විදේශිකයා අරන් ඇවිත් තියන දේ..අරන් ආපු විදිහ ඇහුවොත් නම්..

Report

ශරීරය අභ්‍යයන්තරයේ සඟවාගෙන මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි විදෙස් ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සියරා ලියොන් සිට පැමිණි ගුවන් මගියෙක්.

ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක් අබිරහස් ලෙස මියයයි..

ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක් අබිරහස් ලෙස මියයයි..

32 හැවිරිදි සැකකරු සියරා ලියොන් ජාතිකයෙකු වන අතර, ඔහු ඊයේ උදෑසන තුර්කි ගුවන් සේවයට අයත් TK 730 දරණ ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ස්කෑනර් යන්ත්‍රය මගින් මෙම ගුවන් මගියා පරීක්ෂාවට ලක් කළ නිලධාරින්, ඔහුගේ ශරිර අභ්‍යනතරයේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන ඇති බව හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය ගත්ත දැඩි තීරණය..

අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය ගත්ත දැඩි තීරණය..

සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විටත් කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන කරල් 17ක් ඔහුගේ ශරීරයෙන් පිටතට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම උදරයේ තවත් මත්ද්‍රව්‍ය අඩංගු කරල් ඇති බවයි.

සොයාගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Gallery