අමාත්‍ය විජිත හේරත්ගේ නිරීක්ෂණයෙන් පසු රේගු නිලධාරීන්ගේ සංගමය ගත්ත දැඩි තීරණය..

By Piyumika Nov 13, 2024 02:27 AM GMT
Report

රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් අද සිට නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරන පසුබිමකයි.

මාතලෙන් ඇහෙන ඛේදනීය සිදුවීම ..

මාතලෙන් ඇහෙන ඛේදනීය සිදුවීම ..

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ලවීමත් සමඟ පසුගිය දිනෙක අමාත්‍ය විජිත හේරත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක් අබිරහස් ලෙස මියයයි..

ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක් අබිරහස් ලෙස මියයයි..

එහිදී ඇතැම් පිරිස් මෙලෙස බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය වැඩි බවට අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර අමාත්‍යවරයා එහිදී බලධාරීන්ට මෙම කටයුතු විසඳීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණා.

මෙවන් පසුබිමක රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් නිරත වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ