'කොස් මල්ලි'ගේ අයකැමියා ඝාතනය කළ යතුරුපැදිය පන්නිපිටියෙන්

Report

බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා සැකකරුවන් විසින් යොදාගන්නා ලද යතුරුපැදිය මහරගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් ආසන්නයේ ඇති වෙල්යායක අතහැර දමා ගොස් තිබියදී අද (05) දිනයේදී පොලීසිය විසින් මෙම යතුරුපැදිය සොයාගනු ලැබීය.

මහරගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු නිශ්චිත තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම විමර්ශන ප්‍රගතිය ලබා ගැනීමට හැකි වී ඇත.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

ඊයේ (04) රාත්‍රී කාලයේදී බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක රැඳී සිටියදී 74 හැවිරිදි වියේ පසුවූ අදාළ පුද්ගලයා ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කොස් මල්ලි' නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ අයෙකු බවට පොලීසිය තහවුරු කරගෙන තිබේ.

මේ රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු හිමි දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම හේතුවෙන් සේවය අතහැර යයි

මේ රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු හිමි දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම හේතුවෙන් සේවය අතහැර යයි

අපරාධය සිදුකිරීමෙන් අනතුරුව පලාගිය වෙඩික්කරුවන් සහ ඊට අනුබල දුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විශේෂ විමර්ශන අඛණ්ඩව සිදුකරයි.