බූස්ස බන්ධනාගාරෙට උඩින් පාත් වුණ පාර්සලයක් සොයා ගයි
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින් බූස්ස බන්ධනාගාරය විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකථන 8ක් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව පවසා ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට යම් දෙයක් වැටෙන අයුරු මුර අට්ටාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලක නිලධාරියෙක් නිරීක්ෂණය කර ඇත.
ඉන් අනතුරුව ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
පසුව ඒ සම්බන්ධයෙන් කළ සෝදිසියේදී විශේෂ අංශයේ වැටී තිබූ කළු පැහැති පාර්සලයක් භාරයට ගත් බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා ඇත.
ඒ අනුව එහි තිබූ අඳාළ ජංගම දුරකථන ඉදිරි විමර්ෂණ කටයුතු වෙනුවෙන් රත්ගම පොලිස් ස්ථානයට භාරදුන් බව පැවසූ වීරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ බූස්ස බන්ධනාගාරය ද මුලික විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.