ඓතිහාසික සංගීත ප්‍රසංගයකට එල්ල වීමට ගිය බෝම්බ ප්‍රහාරය

By Kaushi May 05, 2025 04:41 AM GMT
Report

Lady gaga සංගීත ප්‍රසංගයට එල්ල වීමට තිබූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමේ උත්සාහයක් සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.

මෙම සංගීත ප්‍රසංගය රියෝ ද ජැනයිරෝහි කොපකබානා වෙරළෙහි පවත්වා ඇත.

ඒ අනුව මෙම ඓතිහාසික නිදහස් ප්‍රසංගය සඳහා මිලියන 2.1 ට වැඩි පිරිසක් සහභාගී වීමට පැමිණ තිබූ බව සඳහන්.

කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි

කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි

මෙම ප්‍රහාරය ඉන්වොයිස් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් එල්ල කිරීමට සැලසුම් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය සැලසුම් කළ කණ්ඩායමේ නායකයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරය සැලසුම් කළ බවත් වාර්තා වේ.

ඒ අනුව සැකකරුවන් විසින් ප්‍රහාරයක් සැලසුම් කළ බවට පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බව රියෝ පොලිසියේ ලේකම් ෆෙලිපේ කියුරි සඳහන් කරයි.

ගල්කිස්සේ වෙඩි තැබීමක්...

ගල්කිස්සේ වෙඩි තැබීමක්...

එසේම ඔවුන් එය බ්‍රසීලයේ LGBTQ ප්‍රජාව ඉලක්ක කර ගෙන දියත් කිරීමට සූදානම් වූ බවට විශ්වාස කරන බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් සැලසුම් කර තිබූ මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට බ්‍රසීල පොලිසිය සාර්ථකව සමත් වී තිබෙනවා.