කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි

Report

ලොකු පැටී නමැති සැකකරු, මියගිය පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මුදල් ලබාදෙන ලෙස කංජිපානි ඉම්රාන් කළ ඉල්ලීම ක්ලබ් වසන්ත ප්‍රතික්ෂේප කර ඔහුට තර්ජනය කිරීම හේතුවෙන්, කංජිපානිගේ උපදෙස් මත ක්ලබ් වසන්ත ඝාතනය කළ බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්ඡාරණය කර ඇත.

ක්ලබ් වසන්ත, ජනප්‍රිය යූටියුබ් නාළිකාවක සංවාදයකදී පවසා ඇත්තේ තමන්ට සතුරන් දෙදෙනෙකු සිටි බවත්, එක් අයෙකු මියගොස් ඇති බවත්, අනෙකා බියෙන් රටින් පලාගිය බවත් ය.

මන්නාරම ‍රෝහලේ සංවර්ධනයට මිලියන 500ක් දෙනවා - ඇමති නලින්ද

මන්නාරම ‍රෝහලේ සංවර්ධනයට මිලියන 500ක් දෙනවා - ඇමති නලින්ද

මියගිය අය මාකඳුරේ මධුෂ් බවත්, පලාගිය අය කංජිපානි ඉම්රාන් බවත් ලොකු පැටී පවසා ඇත.

මධුෂ්ගේ මුදල් ක්ලබ් වසන්ත සතුව තිබී ඇති අතර, එම මුදල් ඉල්ලූ කංජිපානිට ක්ලබ් වසන්ත බැණ වැදීම නිසා ඔහු තදින් උරණවූ බව ලොකු පැටී හෙළි කර ඇත.

ඒ අනුව, කංජිපානි ඉම්රාන් සමග එක්ව ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කළ බවත්, එම ඝාතනයට තම ගමේම "ටැටූ මල්ලී" නමැත්තා යොදාගත් බවත් සැකකරු පවසා ඇත.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

එසේම, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා ඩුබායි වෙත පලාගිය ලොකු පැටී, පසුව පාතාල සාමාජික රොටුඹ අමිල සමග බෙලරූස් වෙත ගොස් එහිදී අත්අඩංගුවට පත්වූ බව පවසා ඇත.

ජාත්‍යන්තර රතු නිවේදනයක් මත අත්අඩංගුවට ගත් ඔහු, ඊයේ (04) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට භාර දෙනු ලැබීය.

ලොකු පැටී, අහුන්ගල්ලේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!

ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර, ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසකට ශ්‍රී ලංකා අධිකරණවල චෝදනා ලබා ඇත.