හෝටලේ ඇතුළේ අවුරුදු 26යක තරුණයෙක්ගේ මළසිරුරක්

Report

බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (15) දහවල් කාලයේ, දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වී  මෙම විමර්ශන ආරම්භ කරන ලදී.

මරණයට හේතුව මේ වන විට තවම අනාවරණය වී නොමැති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කර ඇත.

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි

දිවුලපිටිය පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස