ගොවියන් රැගෙන ගිය බෝට්ටුවක් පෙරළී 64ක් මියයයි..

Nigeria Accident Death
By Aruna Sep 15, 2024 07:13 AM GMT
Aruna

Aruna

Report

නයිජීරියාවේ, වයඹදිග සැම්ෆාරා ප්‍රාන්තයේ ගුමිම් නගරයට ආසන්නයේ පිහිටා ඇති ගංගාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කළේ, සිය ගොවිබිම් බලා යමින් සිටි ගොවීන්ගෙන් පිරිසක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි.

සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.

සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.


දැව‌යෙන් කළ බෝට්ටුවකින් ගොවියන් 70 දෙනෙකු ගඟ තරණය කරමින් සිටියදී, එය පෙරළී ඇති බවයි පැවසෙන්නේ. 

පැය තුනක කාලයක් පුරා සිදු වූ මුදාගැනීමේ මෙහෙයුමකින් අනතුරුව පුද්ගලයින් හය දෙනෙකු බේරාගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා  ප්‍රකාශ කරයි.

ගුම්මි ප්‍රාදේශීය ආණ්ඩුව සඳහන් කළේ, මෙම ගඟෙහි සිදු වූ දෙවන අනතුර මෙය වන බවයි.

දෛනිකව ගොවින් 900කට ආසන්න ප්‍රමාණයක් මෙම ගංගාව තරණය කරන අතර, ඒ සඳහා ඇති බෝට්ටු සංඛ්‍යාව දෙකක් පමණක් වීම විශේෂත්වයක්.

ගඟක දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු සිදුවූ අකරතැබ්බය..පොලීසිය ක්‍රියාත්මක වී තරුණියන් දෙමාපියන්ට භාරදෙයි..

ගඟක දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු සිදුවූ අකරතැබ්බය..පොලීසිය ක්‍රියාත්මක වී තරුණියන් දෙමාපියන්ට භාරදෙයි..


කෙසේ වෙතත් විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.


ReeCha