ගඟක දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු සිදුවූ අකරතැබ්බය..පොලීසිය ක්‍රියාත්මක වී තරුණියන් දෙමාපියන්ට භාරදෙයි..
නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගිය පුවතක් වාර්තා වනවා.
කෙසේ නමුත් මේ පිළිබඳ නාඋල පොලිසියට ලද දැනුම්දීමක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ජලාශයේ ජලය පාලනය කර තිබෙන බවයි පැවසෙන්නේ.
පසුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කැඳවා දියේ ගිලෙමින් සිටි තරුණියන් දෙදෙනා බේරාගෙන ප්‍රථමාධාර ලබාදී දෙමව්පියන් වෙත භාර දී තිබේ.
මෙලෙස අනතුරට පත්වූ තරුණියන් දෙදෙනා අවුරුදු 20 හා 25 වයස්වල පසුවන කෝන්ගහවෙල හා කාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය සඳහන් කළේ.