බහාලුම් 309 නිදහස් කරද්දී වැරැද්දක් වෙලා - අමාත්‍ය බිමල් පිළිගනී

Sri Lanka Politician Bimal Rathnayake Sri Lanka Customs Latest Headlines Sinhala news
By Ashfa Jul 02, 2025 10:42 AM GMT
Ashfa

Ashfa

Report

කොළඹ වරායේදී බහාලුම් 309ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කමිටුවක් විසින් වැරදි සිදුව ඇති බවට කරුණු අනාවරණය කර ඇති බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

 

මාලිමා ආණ්ඩුවට පලු යන්න දෙහි කපන විමල්

මාලිමා ආණ්ඩුවට පලු යන්න දෙහි කපන විමල්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අමාත්‍ය රත්නායක මහතා පෙන්වා දුන්නේ විපක්ෂයේ ඇතැම් පිරිස් මෙම සිද්ධිය ඔවුන්ගේ “පරණ පව් වසා ගැනීමට” දේශපාලනිකව භාවිතා කිරීමට උත්සාහ කර “පච වුණු” බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියේ සම්පූර්ණ සත්‍යය ඉදිරියේදී හෙළි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කලේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සමාජයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති විය.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

විවිධ පාර්ශ්වයන් විසින් මෙම බහාලුම් නිදහස් කිරීම පිටුපස විශාල මූල්‍ය වංචාවක් හෝ අක්‍රමිකතාවක් ඇති බවට චෝදනා එල්ල කරනු ලැබුනි.

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

විශේෂයෙන්ම, මෙම බහාලුම්වල අඩංගු වූ භාණ්ඩ මොනවාද සහ ඒවා නිසි රේගු ක්‍රියාපටිපාටියකින් තොරව නිදහස් කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විපක්ෂය සහ සිවිල් සංවිධාන විසින් ප්‍රශ්න කරනු ලැබුහ.

ReeCha