මාලිමා ආණ්ඩුවට පලු යන්න දෙහි කපන විමල්
ඉන්ධන මිල අඩු කරන බව කියා ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව, ජනතාව බහුලව භාවිතා කරන ඩීසල්, පෙට්රල් සහ භූමි තෙල්වල මිල වැඩි කර ඇති අතර, උසස් පිරිස භාවිතා කරන සුපිරි ඉන්ධනවල මිල නොවෙනස් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
මැදපෙරදිග සටන් විරාමයෙන් තෙල් මිල පහළ ගියද, ජන ජීවිතයට දැඩි බරක් පැන නැගී ඇති අතර, ඉදිරියේදී විදුලි බිල්ද ඉහළ යාමෙන් තවත් අභියෝග මතුවන බවද ඔහු සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණ “රතු වස්ත්රධාරියා - විජාතික විජායන” යන නාමයෙන් රට පුරා දේශන මාලාවක් ආරම්භ කරන අතර, මාස තුනකින් පක්ෂය ප්රතිසංවිධානය කර ආණ්ඩුවට එරෙහි ජනතා කැරැල්ලක් ගොඩනංවනු ඇති බවද විමල් වීරවංශ පැවසීය.