හිටපු කතානායක අශෝක රන්වලගේ ජපන් උපාධිය කෝ අභියෝගය දිනූ සජිත් ප්‍රේමදාස
සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් කර ඇත.
ඒ හැකිනම් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ජන්දය ලබා දෙන ලෙසයි.
එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ නොසිටි අතර පසුව පැමිණ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ජන්දය භාවිතා කළේය.
මෙම සිදුවීමට පෙරද නලින්ද ජයතිස්ස අමාත්‍යතුමා විසින් සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්නැයි අභියෝග කල අවස්ථාවේ සජිත් ප්‍රේමදාස උප්පැන්න සහතිකයේ සිට සියලුම අධ්‍යාපන සහතික ලබාදීමට සමත් විය.
නමුත් හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ජපානයෙන් ලබා ගත් බව පැවසෙන ආචාර්ය උපාධිය ඔප්පු කරන්න යැයි ඉල්ලා සිටියද තවමත් ඒ පිළිබදව කිසිවක් ඉදිරිපත් නොවීම කතාබහට හේතුවිය.