ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

CID - Sri Lanka Police Sri Lanka Police Bandula Gunawardane
By Wayomi Jul 31, 2024 04:03 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනගේ ක්‍රෙඩිට් කාඩ්පතක් අනවසරයෙන් ලබාගෙන භාණ්ඩ ලබාගත් සැකකරුවන් පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණය ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?


අංක 142, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ පදිංචි ඇමැති බන්දුල ගුණවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක නිරෝෂන් ලක්මාල් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්ථාවේදී කොළඹ අති​රේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල එම නියෝගය ලබාදුන්නා.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

ඒ,අනුව රුපියල් ලක්ෂ 05 ක ණය සීමාවක් හිමි පැමිණිලිකාර ඇමැති බන්දුල ගුණවර්ධනට අයත් ලංකා බැංකුවේ ණය කාඩ්පතක් ගිණුම් හිමියා වන පැමිණිලිකරුගේ කිසිදු අනුදැනුමකින් හෝ අවසරයක් නොමැතිව ලබාගෙන විශ්වාසය කඩකර, වංචා කර, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම විය.

හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)

හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)

පැමිණිලිකාර ඇමැතිවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ ගනුදෙනු ඇතුළත් ගිණුම් විස්තර ලබා දෙන ලෙස එම බැංකුවේ කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර පසුව අදාළ බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමට අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.  

ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.

ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.

[