“...මාර වැඩේ ලංකාවට වුණේ.. තාත්තා ගෙදර ?” - බන්දුට ලැබුණු තනතුරේ ඇත්ත නැත්ත, බන්දුගේ පුත් කාංචන කියයි ! මෙන්න හදිසියේම බුකියේ දැමූ දේ..(PHOTOS)
ඉතාලියේ මිලානෝ නුවර කොන්සල්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවයෙන් හිස් වූ කොන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ පත්කර ඇති බවට වන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලා සංසදයෙන් මෙම තනතුර ලබාදීම සිදු කරන අතර, ඔවුන් විසින් මෙම තනතුර බන්දු සමරසිංහ වෙත යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය තුළ මෙම තනතුර නිල වශයෙන් භාර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බන්දු සමරසිංහ නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. මේ අතර, අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, බන්දු ඉතාලියට තනිවම යාමට අකැමැත්ත පළ කර ඇති බවයි.
එසේම, ඔහුගේ පුත්‍රයා වන කාංචන සමරසිංහට ඔහු සමඟ ඉතාලියට යාමට සහ එම රටේ වෘත්තියක නියැලීමට අවස්ථාවක් හිමි කර දී ඇති බවත් සඳහන්.
නමුත්, ආරංචි මාර්ග අනුව, කාංචන සමරසිංහගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කෙරුණු ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහට අදාළ තනතුර ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සිය එකඟත්වය පළ කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර, බන්දුගේ පුත් කාංචන සමරසිංහ සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ සිය පියා කිසිදු තනතුරක් භාර නොගත් බවයි.
"තාත්තා ගෙදර, කොහෙවත් වැඩ භාරගන්න ගියෙ නැතෝ... #මාරවැඩේලංකාවටඋනේ #බන්දුසමරසිංහ"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
![Gallery](https://cdn.ibcstack.com/article/d234faee-fdde-4dbb-8a42-edd98a024b78/22-6259910aafb34.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/c8e56a9f-8b9d-429d-b9fe-ef1a1c347523/22-6259910ad2fff.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d437b5bd-42c8-4864-a1b0-a06d311ab651/22-6259910af268e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/68f04276-cf6d-410a-9044-2300555da2aa/22-6259910b1aff4.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/4723e8f8-eaa1-4732-9b9b-632d59708ba8/22-6259910b3d261.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/835a180a-2a90-4d0a-8dbf-a8efc404a940/22-6259910b5918f.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/c6747665-24a6-4c6c-a5a5-1d7733c5398b/22-6259910b80d0e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/35365ca8-316f-4614-9502-8516ae84dae6/22-6259910b9c6cc.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)