දෙමාපිය විරෝධතා මැද පන්නා දැමු ගම්පහ බණ්ඩාරනායකයේ විදුහල්පති

Report

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා එම තනතුරෙන් පහ කරන ලෙස දෙමාපියන් දෙදහසකට අධික පිරිසක් එකතු වී ඉල්ලීමක් කර ඇත. සිසුන් පන්දහසක් පමණ අධ්‍යාපනය ලබන බණ්ඩාර නායක විදුහලේ ගෞරවය සහ අනාගතය ආරක්ෂා කර දෙන ලෙස දෙමවුපියන් වැඩිදුරටත් මෙහිදී ඉල්ලා සිටියේය.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

එහිදී විරෝධතාකරුවන් පැවසුවේ අදාළ විදුහල්පතිවරයා මෙම විද්‍යාලට පැමිණ මාස 3ක් ගත වන බවත් අද වන විට විදුහල්පතිවරයාගේ දුර්වල කළමනාකරණය හේතුවෙන් බණ්ඩාරනායක විදුහල අවුරුදු 107ක ඉතිහාසය පුරාවට අත්විඳින නියමිත කුරිරුම ඉරණමට වර්තමාන විදුහල්පතිවරයා හේතුවෙන් මුහුණ දුන් බවය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මේ හේතුවෙන් අදාළ විදුහල්පතිවරයා එම විදුහලෙන් ඉවත් කර ඒ වෙනුවට දක්ෂ පළපුරුදු විදුහල්පතිවරයෙකු පත් කරන ලෙසත් විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම විරෝධතා කරුවන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම විදුහල්පතිවරයා කෑගල්ල ප්‍රදේශය පාසලකට නිර්දේශ කර නමුත් දේශපාලන බලය යොදාගෙන මෙම පාසලේ රැඳී සිටිය බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එමෙන්ම මෙම පාසලේ විදුහල්පති කිසිම පාසලක විදුහල්පති ධුරයක් දැරීමට සුදුස්සෙක් නොවන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. පසුව ඇතිවූ විරෝධතා මධ්‍යයේ විදුහල්පතිවරයා පාසලෙන් පිටව යාමටද කටයුතු කරනු දක්නට ලැබුණි.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර