රුපියල් කෝටි 180 කට අලෙවි වූ කෙසෙල් ගෙඩිය. - සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සු.

By Wayomi Nov 24, 2024 11:44 AM GMT
Report

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි වී ඇති බව .

මෙය ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ලෙසද සැලකේ.

පසුගියදා පැවැති සදබි වෙන්දේසියට කෙසෙල් ගෙඩියක් රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරිපත් කර ඇත. එම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ "කමීඩියන්" නැමැති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී තිබෙනවා.

එහිදී චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයකු වන ජස්ටින් සන් විසින් මෙම නිර්මාණය අනෙකුත් ලංසු තබන්නන් පරදවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 කට මිලදී ගෙන තිබිණි.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.

කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.

වෙන්දේසියේදී මෙම නිර්මාණය මිලදී ගැනීමෙන් පසුව ජස්ටින් සන් ප්‍රකාශ කර ඇත්තේ මෙම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා කෙසෙල් ගෙඩිය නරක් වීමට ප්‍රථම ආහාරයට ගන්නා බවයි.

ඒ, අනුව "කමීඩියන්" 2019 වසරේදී ප්‍රථම වරට කලා නිර්මාණයක් ලෙස එළි දක්වා ඇති අතර එම අවස්ථාවේදී ඇමෙරිකානු ඩොලර් 120,000 ක මුදලකට අලෙවි වී ඇත.

ඉන් පසුව කෙසෙල් ගෙඩි නරක් වන විට උපදෙස් පරිදි අලුත් කෙසෙල් ගෙඩි ආදේශ කරමින් මේ වනතෙක් කලා නිර්මාණය පවත්වා ගෙනවිත් ඇති අතර මෙම නිර්මාණයට ඇමෙරිකානු ඩොලර් ,මිලියන 1 ත් 1.5ත් අතර මුදලක් ලැබෙනු ඇතැයි වෙන්දේසිකරුවන් අනුමාන කර තිබිණි.

මෙම නිර්මාණය කලාව සහ ඩිජිටල් ලෝකය අතර පාලමක් ලෙසද සැලකෙන බව සඳහන්.

මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසා මෙන්ම විවේචනද එල්ල වී තිබෙන අතර අද ලෝකයේ සල්ලිවලට කරන්න දෙයක් නැති මිනිසුන්ද සිටින බවට මෙය කදිම උදාහරණයක් බවට හඳුන්වා දී තිබෙනවා.  

"ජනාධිපති - අගමැති - ඇමතිවරු - නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159ම වැටුප් ගන්නේ නෑ." ඒකට වෙන දේ මෙන්න.

"ජනාධිපති - අගමැති - ඇමතිවරු - නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159ම වැටුප් ගන්නේ නෑ." ඒකට වෙන දේ මෙන්න.

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.


You may like this video