මේ අවුරුද්දේ මුල් මාස අටේ ලංකාවේ වෙනසක් - බලාගෙන ඉද්දි උඩයන ආර්ථිකයේ දියුණුවක්

Report

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 12.01ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් බිලියන 11.52ට සාපේක්ෂව 4.26%ක ඉහළ යාමක් වේ.

මෙම කාලය තුළ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකම වර්ධනයක් වාර්තා කර ඇත.

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

ඒ අනුව භාණ්ඩ අපනයන ආදායම 3.63%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 9.41ක් ලෙස වාර්තා වී ඇති අතර, සේවා අපනයන ආදායම 6.59%කින් වර්ධනය වී ඩොලර් බිලියන 2.60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර 2026 අගෝස්තු මාසයේදී පමණක් සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 1.60ක් ලෙස වාර්තා වී තිබෙන අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 1.77%ක වර්ධනයක් බව සඳහන් වේ.

අද සහ හෙට කාලගුණයෙන් රතු එළියක් - මේ ස්ථාන වල සිටින ජනතාවගේ විශේෂ අවදානයට

අද සහ හෙට කාලගුණයෙන් රතු එළියක් - මේ ස්ථාන වල සිටින ජනතාවගේ විශේෂ අවදානයට

අගෝස්තු මාසයේ සේවා අපනයන ආදායම 13.97%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 331.87ක් දක්වා වර්ධනය වී තිබෙන අතර, එයද එම මාසයේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1.27ක් ලෙස වාර්තා වී තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථිකයට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීම සඳහාද මෙය වැදගත් වර්ධනයක් බව සඳහන් වේ.