මීට සුළු මොහොතකට නාමල් අධිකරණයට රැගෙන එයි
එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙලෙස ඉදිරිපත් කරයි.
එසේම මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතා නඩුවේ සිව්වැනි සැකකරු වශයෙන් නම් කර තිබෙනවා.