ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සමු දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.. ලෝකෙම ආදරේ දිනූ හෙල්ලේ ශූරයා හෙල්ල අත් හරින දිනය දන්වයි [VIDEO]
2036 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලෙන් අනතුරුව තමන් ක්‍රීඩා දිවියට සමුදෙන බව ශ්‍රි ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසන බව වාර්තා වේ.
ඔහු මේ බව සඳහන් කළේ රුමේෂ් තරංගගේ ජීවිත කතාව පිළිබඳව ලියවුණු අධිෂ්ඨානයේ රන් සලකුණ රුමේෂ් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි
ශ්‍රී ලංක ජීවිත කතාව පිළිබඳ සඳහන් වන මෙම කෘතිය රචනා කර ඇත්තේ ලේඛක චූලාභය ශාන්තකුමාර හේරත් මහතා වන අතර එහි රුමේෂ් තරංග කුඩා කාලයේ සිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගැනීම දක්වා වූ ඔහුගේ ජීවිතය සම්බන්ධ තොරතුරු ඇතුළත්.
ඒ අනුව මෙම ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ(17) දින සිදු කෙරුණු අතර ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.